මගේ ළඟට වෙලා

හතර වන දිග හැරුම
උදේ පාන්දර පුරුදු විදිහටම ස්ටේෂන් එකට ආවා. ගාර්ඩර් එක උඩට වෙලා බලා ගෙන හිටියා බෙල්ල රිදෙනකම්. දකින මිනිස්සු හිතනව ඇති උගුඩුවෙක් වගේ බලාගෙන ඉන්න හැටි විතරක් කියලා. ඒ වුනාට නෙත්මි නම් ආවෙ නැ. එයා අදත් ඉස්කෝලෙ යන්නෙ  නෑ වගේද කොහෙද. උදේ පාන්දරම හිත පෑරුණා. නෙත්මිගෙ මූණ බලා ගන්නෙ නැතුව ඉස්කෝලෙ ගිහින් දවසම ඉන්නව කියන තක මතක් වෙන කොටත් පිස්සු වගේ. අද සිකුරාදා නිසා සති අන්තෙ බලාගන්න හම්බ වෙයිද කියන එකත් ෂුවර් නෑ. අනේ මටමයි වෙන්නෙ.

චාටර් කාලා බැරිම තැන හැමදාම පුරුදු ෆුට්බෝඩ් එකේ එල්ලලිලා කෝච්චියෙ ආවා. ඒත් ඉතින් පන්තියට යද්දි පරක්කු වෙලා. හොඳ වෙලාවට අපේ පන්ති භාර මිස්ගඑ පීරියඩ් එකක් නෙවෙයි. නැත්තම් උදේට කන්න හම්බ වෙනව හොදි නැතුව.  පන්තියට එබිල බලනකොට මැත්ස් සර් පන්තියෙ. සර්ව දැක්කම මතක් වුනේ ගණන් හදාගෙන ඉන්න දුන්නා නේද කියල. මට බැරි නම් මොනව කරන්නද? හෙමිහිට පිටිපස්සෙ දොරෙන් පන්තිය ඇතුලට පැනගත්තා සර්ට හොරෙන්.

“ආ කසුන් මල්ලි, මොකෝ උදේ පාන්දරම චාටර් මූණ දාගෙන? ඇයි උඹේ සක්කර වට්ටම දැක්කෙ නැද්ද අද?” නදීරය ඉඳගත්තා විතරයි එපාම කරපු ප්‍රශ්නයක් ඇහුවා.

“ඇයි බං උලමො උඹට ඉරිසියද අපි සිරා බඩුවක් බහිනවට” මාත් අනිත් පැත්තට දුන්නා ඌට උත්තරයක්.

“අනේ උඹේ සිරා එක. කෑලි දැකල නැති උන්ටම හොඳයි ඕක. ඇයි බං මෙච්චර වෙලා ගියෙ එන්න? ඒකි හිටියද?” නදීරය ආයෙමත් ඇහුවා.

“නෑ බං , එපා වුනා බලාගෙන ඉඳල,. බැරිම තැන 7.00 ට්‍රේන් එකේ ආවා බං, තව ටිකක් හිටියනං ගෙදර යන්න වෙනව” මං කිව්වා.

“ආවත් වැඩක් නෑ නෙ බං , උඹට ගෙදරට වෙලා ඉන්න තිබුනනෙ ” නදීරය කට ඇරියොත් විනාසයි. මං උගෙ මූණ දිහා හොඳට බැලුවා.

“ඇයි බං උඹ එහෙම කියන්නෙ”

“පිස්සු උඹට සිරාවටම. එදා උඹ නහයෙන් ඇඬුවා නේද ඒකට කොල්ලෙක් ඉන්නව කියල ආරංචියක් තියෙනව කියල. ඇයි මචං තව ඕක පස්සෙන් යන්නෙ. තව ටික දවසනෙ, එක්සෑම් ගොඩ දාලා ඉම්මු, අපි දෙන්නා කැම්පස් ගිහින් බඩු දාගෙන මුන්ට පේන්නත් එක්ක යං බං” නදීරය කියන ඒවා අහගෙන ඉන්න කොට මං ගැනම කලකිරෙනව වෙලාවකට.

“පිස්සු කෙලිනවට ඩිග්රි දෙන රටක් තාම නෑනෙ බං , ඒක හින්දා කැම්පස්  යන්න වෙන්නෙ උඹට විතරයි” මං නදීරයට කිව්වා.

“උඹට කියල වචන නාස්ති කරන එක අපරාදෙ බං” නදීරය කිව්වෙ නෝක්කාඩුවෙන් වගේ.

“අංක විසි පහ”

එක පාරටම මැත්ස් සර්ගෙ කෑ ගහන සද්දෙට මං උඩ ගියා.

“අංක විසි පහ, කසුන් ජයරත්න” සර් ආයෙමත් කෑගනව

“ඉන්නවා” මට ඉබේම කියවුනා

“ඉන්නව නෙවෙයි , ගිහිං පේපර් එක ගනිං , ගිය පාර ටර්ම් ටෙස්ට් එකේ පේපර් බෙදන්නෙ ඔය.” මාලින්ද පිටි පස්සෙ ඉඳගෙන කිව්වා. මමත් ඉක්මනට නැගිටල ගියා සර් ළඟට.

“හොඳට වැඩ කරල තියෙන්නෙ ඔය තමුසෙ” සර් පේපර් එක මට දුන්නෙ එහෙම කියන ගමන්. මං බැලුවා ලකුණු කීයද කියල. බලපු ගමන් ලැජ්ජ හිතෙනව ලකුණු විසි තුනයි. පේපර් එකත් අරගෙන ගිහින් ඉඳගත්තා. ඒ ලෙවල් කණු තුනක් එන එක දැන් නම් අහන්න දෙයක් නැහැ. කවදා ගොඩ ඒමක් තියෙයිද කියල හිතා ගන්න අමාරුයි. මේ විදිහට කලොත් නම් දහ පාරක් විතර විභාගෙ කරන්න වෙයි අඩුම ගානෙ එස් තුනක් ගන්න වත්. නදීරය එබුනා මගෙ පේපර් එකට. ඌ මං දිහා දැම්මා අමුතුම බැල්මක්.

“කීයද උඹට” මං ඇහුවා

“හැත්ත හතයි” උගෙ මූණ සතුටින් පිරිල. ඉස්කෝලෙ විභාගෙදි ලකුණු හැටකට වඩා ගන්න පුලුවන් එක්සෑම් ගොඩම තමා කියල හැමෝම කියන්නෙ.  මගෙ හිත මටම දොස් කියනව. මං කොහොමද ගෙදර ගිහින් මේවා අම්මට කියන්නෙ. ගොඩ යාමක් තියෙනවද කියල හිතෙනකොටත් බය හිතෙනව. ගෙදර ගියහම හිතනව වැඩ කරනව , ගණන් හදනව කියල. නංගිත් රෑ නිදිමරාගෙන තේ හදල දෙනව . ඒ වුනාට මොනව හරි කුරුටු ගාලා නිදිය ගන්න එක තමයි කරන්නෙ. ඉස්කෝලෙ ආවත් ඕනැවට එපාවට. කලාස් ගියත් අමුතු වෙනසක් නැහැ. ජීවිතේ හරි ගස්සගන්න ලොකු ඕනෑකමක් තියෙනව. පටන් ගන්න ආරම්භක ලකෂ්‍යයක් හොයාගන්න බැරුව තමයි දැං දඟලන්නෙ.

ගණන් පීරියඩ් දෙක ඉවරවෙලා සර් යන්න ගියා. කොහොම හරි හදනව කියල ටියුට් එකක් අතට ගත්තා. සාපේක්ෂ ප්‍රවේගය ගාණක් බැලුවා හදන්න පුලුවන්ද කියල. මුල පේලි දෙක තුනක් ලිව්වා. ඊට පස්සෙ හදන විදිහ හිතාගන්න බැහැ. ඒ පාර අවකලනය ගණන් ටිකක් ගත්තා හදන්න. පලවෙනි ගාන  අමාරුවෙන් හදා ගත්තා. දෙවනි ගාණට ආවා විතරයි ආයෙත් හිර වුනා.

“මොකෝ බං උඹ ඔය කරන වැඩේ තේරුම” නදීරය ආයෙත් එබුනා.

“නෑ බං හැම ටියුට් එකේම හදන්න පුලුවන් ගණං දෙක තුනවත් හදල බලනවා” මං කිව්වා

“අනේ මෝඩ පැටියො , අර කවුද රජ කෙනෙක් තැනින් තැන යුද්ධ කලා වගේ ගණං හදන්න බෑ බං, මෙහෙ ගනිං උඹට කියල දෙන්න ඔය ටික” නදීරය ටියුට් එකත් අරගෙන ලෑස්ති වුනා. මාත් බොහොම උනන්දුවෙන් නදීරය කියන එක අහගෙන හිටියා.

තුන්වන දිග හැරුම
ජීවිතේ ගෙවිල යන්නෙ මහ එපාම කරපු  විදිහට. හැම තැනම මොකක් හරි අවුලක් තියෙනව. විභාගෙ,  සාහිත්‍ය සංගම් , ප්‍රැක්ටිස් මතක් වෙනකොට ඔලුව රිදෙනව වගේ. ඒ හැම එකටම වඩා හිතට වදදෙන ප්‍රශ්නෙ නෙත්මි.හැම වෙලාවෙම හදාගන්න හදන හිත රිදෙන්නෙ නෙත්මි නිසා. මුලින්ම එයා දැකපු දවස හැමදාටම වගේ මතක් වෙනව. මමයි , රංගයයි මුලින්ම හැරිල බැලුව කවුද  කියල.

එවෙලෙ තමයි රංගය කිව්වෙ

“මාර කෑල්ලක්නෙ බං, බැහැල බලමුද?”

මාත් එවෙලෙ මුකුත් කිව්වෙ නැති වුනාට එක පාරට නිකං ඇඟ දිගේ විදුලියක් ගියා වගේ තේරුනා.

“කෝකටත් පස්සෙන් ගිහින් බලමු බං” මටත් කියවුනා.

“ඕකට නං කොල්ලෙක් ඇති බං. නැත්තං අඩුමගානෙ බහිනව ඇති තව එවුන්. කෑමක් සෙට් වෙයි වගේ” රංගයගෙ ගට බිංදුවටම බැහල වගේ එතකොට.

“පිස්සුද බං. ඕක දාගන්න පුලුවන් නං ගුටි නෙවෙයි ඕන එකක් කමු බං. අනික මං තනියෙන් නෙවෙයිනෙ ගුටි කන්නෙ. උඹත් ඉන්නවනෙ” මම ඉතින් කිව්වෙ රංගය දුකට සැපට ඉන්න එකා නිසා.

එදා ඉතින් නෙත්මි දිහා බලාගෙන හිටපු එක විතරයි කලේ. යන්තම් කට්ට් කාලා නෙත්මි ගැන විස්තර හොයා ගන්නකම් ඒ දවස්වල  ඉවසිල්ලක් නැතුව හිටියෙ. විස්තර හොයාගන්න විදිහක් දහ අතේ කල්පනා කරන කොට තමයි නදීෂාව දැක්කෙ.

“මචං අර කෑල්ල මං අඳුරනව”

සමීරය අපිට නදීෂාව ගැන කිව්වෙ අපි නෙත්මි ගැන හොයාගන්න ෆුල් ගේමක් දෙනකොට. නදීෂා ගියෙ නෙත්මි එක්කයි තව යාලුවො ටික දෙනෙකුයි එක්ක. යන්තම් ඉතින් නදීෂාට පින් සිද්ධ වෙන්න නෙත්මි ගෙ විස්තර හොයා ගන්න පුලුවන් වුනා.

මුල දවස්වල නදීෂ අපිට වැඩිය විස්තර කිව්වෙත් නෑ නෙත්මි ගැන. නෙත්මි ව දැකල පිස්සු හැදිල හිටියට එයාගෙ නම දැනගන්න  පුලුවන් වුනෙත් සතියක් විතර ගියාට පස්සෙ. ඒකත් නදීෂට බැගෑපත් වෙලා. සමීරය අඳුරන නිසා තමයි නදීෂා ටිකක් හරි විස්තර කියන්න කැමති වුනෙ. නම දැනගෙන හිටිය නැති වුනත් දැකපු මුල්ම දවසෙ ඉඳල නෙත්මි මගෙ හිතේ සක්මන් කරන්න ගත්තෙ මටත් නොදැනිම වගේ.

ඉස්කෝලෙ වැඩක් කරන්න, කන්න , නිදාගන්න , සෙල්ලම් කරන්න යන හැම වෙලාවෙම නෙත්මි ගැන හිතෙන්න ගන්න කොට ආදරය කියන්නෙ මේකද කියල මට හිතෙන්න පටන් ගත්තා. ඒ දවස් වල රංගය එක්ක කියවන්නෙම නෙත්මි ගැන විතරයි.

“අපිත් බඩු බැහල තියෙනව, ඕක මාර කෑල්ලක්ද බං” රංගය මාව නෝන්ඩි කරනව.

“බල බල ඉඳල හරි යන්නෙ නෑ , අපි දවසක් ඕක එක්ක කතා කරමු” රංගය එහෙම කියන කොට හිතේ තිබ්බ ගට බිංදුවටම බැහල ගියා.

අන්තිමේදි මොකක් හරි කරමු කියල තමයි දවසක් හවස නෙත්මි යන පෙට්ටියට නැගල ළඟට ගියෙ. ගිය දවසෙ නෙත්මි දිහා බලාගෙන හිටියා එයාට නොතේරෙන්න වගේ. හැබැයි එයා එක්ක වචනයක් වත් කතා කලේ නම් නෑ . නදීෂා ත් එක්ක කතා කර ආවා මමයි රංගයි. හැමදාම හවස නෙත්මියි එදාගෙයි යාලුවො ටිකයි එක්ක කෝච්චියෙ ගියාට දවස් දෙක තුනක් යන කොට තමයි කෙලින්ම නෙත්මි ගෙ මූණ දිහා බලන්න තරම් හිතට හයිය ආවෙ.

නදීෂා අපිට බණිනව ඒ දවස්වල.

“ඔයාල දෙන්න ඇවිත් මාත් එක්ක කතා කර කර ඉන්නව මිසක් නෙත්මි එක්ක වචනයක් කතා කරන්න ට්‍රයි කරන්නෙ නෑ නෙ. අපේ සෙට් එකේ කෙල්ලෙක් අහුවා  ඔයාලා එන්නෙ මං ගැන හිතේ තියාගෙනද කියල” නදීෂා එහෙම කිව්වම තමයි තේරුනෙ කල් අරින්න අරින්න වැඩේ හරියන්නෙ නෑ කියන එක.

“ඒකනෙ හරක් පැටියො මං කියන්නෙ ඒකිට වචන දෙක තුනක් දාපන් කියල.” රංගයත් එවෙලෙ මට කිව්වා.

“ඔයා එතෙන්ට ඇවිත් ඇඹරෙන්නෙ හරියට ඔයා කෙල්ල වගේනෙ කසුන්. ඔහොම නං බෑ හලෝ කෙල්ලො එක්ක යාලු වෙන්න”

නදීෂා එහෙම කිව්වම මට පොළොව පලාගෙන යන්න හිතුන.

“ඇද්ද උඹ කෙල්ලෙක් ගෙන්ම අහගත්තා. අහල දාපං බං ඕක කල් යවන්නෙ නැතුව” එදා රංගය අපි ඉස්කෝලෙට යන ගමන් කිව්වා.

“අයිය පාඩම් කරනවද නිදිද? “

නංගි එහෙම අහනකොට මාව එකපාරටම උඩ ගිහින් ආයෙ මේ ලෝකෙට ආවා. නංගි මගෙ ළඟට ඇවිත්. සෙනසුරාදා දවසක් වුනාට අම්මා වැඩට ගිහිල්ලා.

“නෑ නිකං කම්මැලියි” මං නංගිට කිව්වා.

“අනේ මන්දා අයියා දැන් මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ” නංගි එකපාරට කිව්වම මට කියාගන්න දෙයක් නැති වුනා.

“තේ එකක් හදාගෙන එනවකො , මං ඉන්නෙ මොන ලෝකෙද කියල හොයන්න වෙලාව නාස්ති නොකර” මං කිව්වෙ කතාව මග අරවන්න බලාගෙන.

“අනේ මන්දා මොනව වෙලාද කියල, තේ එක්ක වත් හදාගන්නව හලෝ තනියම” නංගි එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා.

“අපි මොකටද හලෝ තේ හදන්නෙ , තමුසෙ ඉන්න කොට” මාත් නංගිට උත්තර දුන්නා.

“අපොයි, අපි ඉන්න කං හොඳයි. බැන්ද දවසක තමුසෙ කෙල්ල ගෙන් බැණුම් අහන කොට මරුවට තියෙයි තේ එකක් වත් හදා ගන්න බැහැ කියල.” නංගි කොච්චර රණ්ඩුවට ආවත් කියන දේවල් වල ඇත්තකුත් තියෙනව.

දෙවන දිග හැරුම
උදේම නැගිටල ගෙදරින් ආවට ඉස්කෝලෙ යන්නෙ හැමදාම 7.05 කෝච්චියෙ තමයි. රංගයයි අනිත් උන් සෙට් එකයි වෙලාවට කලින් ඉස්කෝලෙ යනවා. මම විතරයි හැමදාම පරක්කු වෙන්නෙ.  ඉස්කෝලෙ ගිහිල්ලා මනෝ ගහගෙන ඉන්නවට වැඩිය හොදයි නෙත්මිගෙ මූණ බලලම යන එක. එක පාරක් හරි මගෙ ළඟට වෙලා එයා ඉන්නවනම්. වටපිට බැලුවා නෙත්මි ඉන්නවද කියල. පේන්න නම් නෑ වගේ.වැඩිය ඉස්කෝලෙ යන ළමයි නැහැ මේ වෙලාවට. වැඩට යන කට්ටිය එන්න එන්නම වැඩි වෙනව ස්ටේෂන් එකට එන.

“ගුඩ් මෝනිං” මං එක පාරට අනිත් පැත්ත හැරුනා. නදීෂා ළඟටම ඇවිල්ලා,දැක්කෙත් නෑ.

“එසේම වේවා” මාත් පුරුදු විදිහට උත්තර දුන්නා.

“කොහෙද බලං හිටියෙ, අරය එනකම් නේද?”

නදීෂා දන්නව මගෙ විස්තර හැම එකක්ම වගේ. නෙත්මිට ට්‍රයි කරන්න ගිහිල්ලා තමයි නදීෂාව අඳුර ගන්න ලැබුනෙ. මොනව වුනත් හොඳ කෙල්ල.

“නැත්තම් ඉතින්, මොකෝ වෙන වැඩක් නෑනෙ මට” මටත් කියවුනා.

“අද යාලුවො ටිකත් ගිහිල්ලනෙ, කොහොමද කසුන් ජීවිතේ?” නදී ඇහුවා.

“කියන්න තරම් දෙයක් නෑ නදීෂා. පරණ පුරුදු විදිහම තමයි.”

“ම්ම්”

“කසුන්” ටික වෙලාවකට පස්සෙ නදීෂා ආයෙත් කතා කලා.

“ඇයි?”

“ඔයා මගෙන් ඇහුවෙ අර කාරණාවක් ඇත්තද කියල” නෙත්මිට කොල්ලෙක් ඉන්නව කියල ආරංචියක් ආවම මං නදීට කිව්ව පොඩ්ඩක් හොයල බලන්න කියල.

“ඔව් ඉතින්” මාත් ඇහුවෙ බොහොම නොඉවසිල්ලෙන්.

“ඒ කතාව ඇත්ත. අපිට වැඩිය වැඩිමල්, ජොබ් එකක් කරන කෙනෙක් කියල තමයි කියන්නෙ” නදී කිව්වා.

“කොහොමද දැනගත්තෙ?නෙත්මි ඔයාට කිව්වද?”

“ඒකි අපිට කියන්නෙ නෑ.එයාගෙ හොඳම යාලුව සම්මානිට වත් හරි විස්තරයක් කියල නෑ. “

එක පාරට ආයෙමත් හිත දුකෙන් පිරිල ගියා.

“කසුන්” නදී ආයෙත් කතා කලා. මං උත්තරයක් නොදී නදීගෙ මූණ දිහා බැලුවා.

“එයා අමුතු ජාතියෙ කෙනෙක් කසුන්. ඔයා හිත හදා ගන්න බලන්න. සම්මානිත් මට කිව්වා ඔයා තවත් වද වෙනන් ගිහින් එක්සෑම් අනා ගත්තොත් ඒක ලොකු අපරාධයක් කියල.” නදී ඒ ටික කිව්වට මං කොහොමද හිත හදාගන්නෙ. හැම දේම හීන විතරක්වෙන්නෙ ඇයි කියල මට හිතුනා.

“කෝච්චිය එනවා කසුන්” නදී කිව්වා. සෙනඟ ගොඩ අස්සෙ නදී ට ඇතුලට යන්න කියල මං ෆුට් බෝඩ් එකේ එල්ලුනා. මරදානට එනකම්ම නෙත්මි ගාව හිත් තිබුනෙ.

මරදානෙන් බැහල ඉස්කෝලෙට දුවගෙන ගියාට වැඩක් වුනේ නෑ. බස් එකෙන් බහින කොටත් බෙල් එක ගහල ඉවරයි. යන්තම් නම් ලකුණු කරන වෙලාවට පන්තිය ළහහට ගියා. මිස්ට හිනාවක් දාලා පන්තියට පැනගත්තා. උදේ පාන්දර එළියෙ ඉන්න වුනා නම් බුදු චාටර්.  පන්තියෙ ඉඳ ගත්තට තාම හිත එක තැනක නෑ. හෙමිහිට පන්තිය වටේට බැල්මක් දැම්මා.

“කසුන්” අම්මෝ මිස්ගෙ සද්දෙ.

“පරක්කු වෙලා ආවා මදිවට තව වටපිට බල බල කැරකෙනවා. මේ දීලා තියෙන ප්‍රතික්‍රියාව ලියන්න” මිස් ගෝරනාඩු කලා.

P හා NaOH අතර ප්‍රත්‍රික්‍රියාව. මං කොහෙ ලියන්නද මේවා. සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මම මොකක්ද ව්‍ෙන ප්‍රතික්‍රියාව කියලවත් දන්නෙ නැති මං මේක කොහොම ලියන්නද.

මං දන්නෙ නෙත්මි ගැන විතරමයි. මගෙ හිත මටම කෙඳිරුවා. අමතක් කරන්න හදන කොට මතක් වෙන එකම දේ නෙත්මි. නෙත්මි ගැන නොහිතන වෙලාවක් මගෙ හිතේ නෑ. වෙලාවකට මටම හිතෙනව මට පිස්සු වගේ කියලත්.

කෙමිස්ට්‍රි පීරියඩ් දෙක ඉවර වෙනකම් පන්තියෙ හිටියෙ බොහොම අමාරුවෙන්. මැත්ස් පීරියඩ් දෙකට සර් එන්න කලින් පන්තියෙන් පැන ගත්තා. නැත්තම් එපා වෙනව මට පන්තියෙ හිටියනම්. එන්ටවල් එක් වෙනකම් ලයිබ්‍රරි එකෙයි අනිත් හැම තැනමයි රවුම් ඟහ ඉන්න කොට වින්දන අයියට අතේ මාට්ටු. වින්දන අයියා ශිෂ්‍ය නායකයෙක්. අපේ බුදු ෆිට් එක. මැව දැක්ක විතරයි පොර නැවතුනා හිටිය තැනම.

“කසුන් මල්ලි, මං උඹට කිව්වනෙ පීරියඩ් කට් කරන්නෙ නැතුව පන්තියෙ ඉඳපන් කියල උගන්නන වෙලාවට. යකෝ එක්සෑම් ඇණ ගත්ත දාට තමයි උඹට ඕක තේරෙන්නෙ. අද උඹ පන්තියට නොගිහින් අහුවුනොත් ඉන්ටවල් එකෙන් පස්සෙ පනිෂ්මන්ට් එකක් දෙනව පුතේ”

වින්දන අයියා හොඳ එකා. ඌ එක්සෑම් ගොඩ දාගනිං කියල හැම තිස්සෙම කියනව. මාත් හැමදාම අහගෙන ඉන්නව විතරයි කරන්නෙ නෑ. මීහරකුන්ට තේරෙනව ඇති මට වැඩිය වෙන කෙනෙක් කියන දේ.

වින්දන අයියගෙ බැණුමත් අහගෙන වැඩ කරනව කියල හිතාගෙන ඉන්ටවල් එකෙන් පස්සෙ පන්තියට ගියා. නදීරයා හොල්මන් වෙලා වගේ මා දිහා බැලුවා.

“ඇයි මං උඹ කවදාවත් නැතුව ෆිසික්ස් පීරියඩ් එකට වෙලාවට ආවෙ?”

මං මොනව කියන්නද ඌත් මෙහෙම කියන කොට?

පලවන දිග හැරුම
ඉන්ටර්වල් එක හමාර බව දැනුම් දෙන දෙවෙනි බෙල් එකත් වැදුනා. පන්තියට යන්න මතක් වුනේ දැන් තමයි. “මල්ලිලා හෙට එහෙනම් ඉන්ටවල් එකේ එන්න”. සාහිත්‍ය සංගමේ රැස්වීම ඉවර කරල පන්තියට දිව්වෙ පණ බයේ. මේ දවස්වල කොහොමටත් වෙලාව හොඳ නෑ. පෙර කරපු පව් පල දෙනවද කොහෙද. අමරසේන සර් පන්තියට ඇවිත්. අමරසේන සර්ගෙ පීරියඩ් එකට වෙලාවට පන්තියෙ හිටියෙ නැත්තම් පරක්කු වෙලා ඇතුලට යන්න බෑ. දැන් ඉතින් පීරියඩ් දෙකම එළියෙ ඉන්න වෙයි වගේ. මගෙ කරුමෙටම නදීරයත් කවදාවත් නැතුව වෙලාවට පන්තියට ගිහිල්ලා.

කෝකටත් කියල පන්තියෙ දොර ළඟට ගිහිල්ල බයාදු බැල්මක් දැම්මා සර්ට. මුකුත් නොකියා අතින් සංඥාවක් දුන්නා ඇතුලට එන්න එපයි කියල. සර්ගෙ තියෙන ආඩම්බර කමක හැටි. ඉගෙන ගන්න ආස හිතිල ටිකක් හරි පරක්කු වෙලා පන්තියට ආව දවසටත් එළියෙ. කරන්න දෙයක් නැති තැන ලයිබ්‍රරි එකට රිංග ගත්තා. නැත්ත් එළියට වෙලා චාටර් කන්න වෙන්නෙ. පීරියඩ් දෙක ඉවර වෙලා යන්තම් පන්තියට යන්න හම්බ වුනා. නදීරය මෙලෝ සිහියක් නැතුව ගාණක් හදන්න ට්‍රයි කරනව. මූට මොකද මේ හදිස්සියෙ වෙලා තියෙන්නෙ.

“නදීර”. මං ඌට කතා කලා.

“ඇයි බං වද දෙන්නෙ මට මේ ගාන හදන්න දීපංකො” නදීරයා කිව්වා. එහෙම කරන්න දෙන්න බෑනෙ. මං විතරක් එක්සෑම් ඇණගෙන නදීරය ගොඩ යන්න?

“උදේ ප්‍රැක්ටිස් කරලා ඇඟ රිදෙනවා බං. බැරි වැඩ නොකර ඉන්න තිබුනෙ A/L කරන කාලෙ. මේ සංගම්වල වැඩත් බදා ගත්තට පස්සෙ මූණ හෝදගන්නවත් වෙලාවක් නෑ බං.” මං නදීරයට කිව්වා.

“අනේ බං මූණ හෝදනව තියා වතුර ටිකක් වත් ගාගන්න එකෙක්ද උඹ” නදීරයා මට කැපිල්ම දානව. මොන තරම් මරාගත්තා වුනත් පන්තියෙ එක ළඟ ඉන්න හඔදදම යාලුවා ඌ තමා. වැඩ කරන එකාට කරදර කරන එකත් හොඳ මදිනෙ. මං පන්තිය වටේට බැල්මක් දැම්මා. මහේෂ්, සුරංග ඉස්සරහ පේලියෙ ඉඳගෙන ගණන් හදනවා. මට ඉතින් ඉගෙන ගන්න වැඩ තියෙන මිනිහෙක් නෙවෙයිනෙ. පිටිපස්සෙ චමල්ලා සෙට් වෙලා සින්දු කියනවා. මමත් ඒ පැත්තට ගිහින් ඉඳගත්තා. “අත් වැල් බැඳ ගෙන මං මාවත් දිග”. මාත් හෙමිහිට අත්වැල ඇල්ලුවා.

“උඹ ඔය කියන්නෙ පැල් කවියක්ද?”. තට්ටයා මාව නෝන්ඩි කරනවා.

“පල තට්ටයො යන්න. මචං එකම විහිළුව හැමදාම කරන්න එපා බං.එතකොට ඒකෙ ගතියක් නැහැ.” තට්ටයා හෙමිහිට ෂේප් වුනා. ඉස්කෝලෙ ඇරෙන්නත් ළඟයිනෙ.

ස්ටේෂන් එක හතරවටේට ඉස්කෝලෙ යන ළමයි. දවසින් දවස පැටවු ගහනවද මන්දා මෙච්චර ළමයි තොගයක්. ඌයි! එකපාරටම පිට හරහා වැදුනා හොඳ පාරක්. කවුද මේ මිනී මරන්න හදන එකා. මං පිටිපස්ස හැරිල බැලුවා. මාලිංගයා!

“ඇයි බං උඹෙ අතපය ඔටෝ වැඩ කරනවද අපිව දැක්කම?”. මට කේන්තිත් එක්ක.

“ඔහොම නෙවේ දෙන්න තියෙන්නෙ. උඹලත් දැන් ලොකු ලයින් දෙනවනෙ අපිට. වැඩිය පේන්න එන්නෙත් නෑ. මැත්ස් කරනව කියල උඹල හිතාගෙන ඉන්නෙ තද පොරවල් කියලද?” ඌ ඒ ටික කියන ගමන් ආයෙ බඩටත් එකක් ඇන්නා. කවදහරි මුගෙන් ගුටි කාලම මැරෙනවා.

“නෑ මචං පොඩ්ඩක් වැඩ වැඩියි මේ දවස් වල. කලා උළෙලෙ වැඩත් තියෙනවනෙ බං ඒකයි.” මං කිව්වා.

“එළම කිරි. අපිටත් කියපන් හරිද. එදාට එන කෑල්ලකට ලයින් පාරක් දාගන්න පුලුවන්නෙ” මාලිංගයා පැණි හලාගෙනමයි ඉන්නෙ.

“ඇයි බං දැං කරන කෑලි තුනට මොකද වෙන්නෙ. උඹ අන්තඃපුරයක් දාන්නද ට්‍රයි එක.” රංගය මැදට පැන්නා.

“උඹලගෙ බැරි කමට අපි පළිද බං” මාලිංගය එක්ක ඔය මාතෘකාව කතා කරන එක තේරුමක් නැහැ. කෝච්චියෙ එක කෙල්ලෙක්. ක්ලාස් යන්නෙ තව කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන. ගෙදර ගිහින් කෝල් කරන්නෙ තව එකකට. අනේ මංදා මූ කොයි ජාතියෙ එකෙක්ද කියලා. ඇහුවොතින් කියන්නෙ “ෆන් එකටනෙ බං, ආයෙ කවදා කරන්නද ඕවා.”

කෝච්චියත් එනවා ඒ අස්සෙ. හැමදාම වගේ විනාඩි පහක් විතර පරක්කු වෙලා. මේ වෙලාවට වැඩිපුරම ඉන්නෙ ඉස්කෝලෙ යන වයසෙ ළමයි. හැබැයි සාමාන්‍ය මගීයන්ට නම් එපාවෙනව ඇති. අපි සිංදු කියනකොට , කෑගහනකොට මල වදේනෙ. සමහරු අපි දිහා බලන්නෙත් අමුතු විදිහට. කම්මැලියිත් වගේ. බයිට් කරන්න අඳුරන කෙල්ලො ටිකක් වත් නෑ ළඟ පාතක.

“සිංදුවක් වත් පටන් ගම්මුද බං” මං රංගය ගෙන් ඇහුවා.

“පලයං බං යන්න. මෙච්චර කල් කියපු සිංදු මදිද? දැන් ෂේප් එකේ ඉන්න ඕන කාලෙ. විභාගෙට දැන්ම සෙට් වුනේ නැත්තම් අනාථයි තමා.” රංග ය කියන්නෙ ඇඟ සීතල වෙන කතා. කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඌ ඉතින් හොඳට අධ්‍යාපනෙ කරගෙන යනව. මාව දැනටමත් අනාථ සාගරේ මුතු කැටයක් වෙලා ඉවරයි. අනිත් උන් කැම්පස් යයි. මට කැම්පස් යන්න වෙන්නෙ කැම්පස් කැන්ටිමේ වැඩට තමයි.

ජීවිතේ දුරකි. ඉරකි . තිතකි. ~~~~~~~~

“කසුන් මම උඹට කියන්න මචං හිටියෙ. උඹ ඔය පිස්සු වැඩ අත ඇරලා දාලා ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ හරි වැඩ කරපන්.එදා පාඩම් කරන්න ආපු දවසෙත් උඹලගෙ අම්මා කිව්වා මාත් එක්ක. අම්මට හිතා ගන්න බෑ මොකද වෙලා තියෙන්නෙ කියල.” ඒ වෙලාවට ඉබේම වගේ හිතට දුකක් ආවා. අම්ම මං ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන් ඉන්නවද? මං පිස්සු කෙලින එක නවත්තගන්න බැරිවුනානෙ. O/L ගොඩදාගෙන A/L කරන්න ආවෙ ගොඩක් දේවල් හිතේ තියාගෙන. ඒත් මං දැන් මොනවද කරන්නෙ?

ළඟදි දවසක අම්මා ඇහුවා “මොකද පුතා වෙලා තියෙන්නෙ. මට හිතා ගන්න බැහැ ඇයි කියල. ප්‍රශ්නයක් තියේ නම් කියන්න.” හැමෝටම වගේ මගෙ වෙනස තේරෙනව ඇති. ගෙදර ගියාම පාලුවෙන් තනිකමින් හිත පිරෙනවා. මට මොනව වෙලාද කියල මටම තේරෙන්නෙ නෑ. ගනේමුල්ලටත් ළඟයි.කෝච්චියෙන් බහින්න හදන කොට අපි හිටපු පෙට්ටියෙ ඈත කෙළවර දිහා බැලුනා.

නෙත්මි!

මාව දැකලා අහක බලා ගත්තද මංදා. හිත හැමදාම වගේ දුකින් පිරුණා. ගනේමුල්ලෙන් බැහලා එයා යන දිහා බලාගෙන හිටියා හැමදාම වගේ. ඒ වුනාට කවදාවත් එයා මගෙ නෙවෙයි කියල දැනුනම. මගෙ දිහා බලන්නෙ නැතිවෙයි , හොයන්නෙ නැතිවෙයි කියල හිතෙනකොට.

“ගෙදර පලයං ඩෝ”

රංගයා කෝච්චියෙ යන ගමන් කෑ ගහනවා. ඌ ඉන්නෙ ගම්පහ නිසා තව යන්න තියෙනවා. ඌ මට අත වනාගෙනම කෝච්චිය ඇතුලට ගියා. හූ හඬ දීගෙන කෝච්චිය යන්න පිටත් වුනා. රංග කෝච්චියෙ එන ටිකට කියපු ඒවා ආයෙ මතක් වුනා.

“උඹ නෙත්මි ගැන හිතන එක දැන්වත් අත ඇරලා දාපන්. ඒකිට කොල්ලෙකුත් ඉන්න එකේ පිස්සු කෙලින්න එපා. ඇයි බං උඹට මං කියන ඒවා තේරෙන්නෙ නැත්තෙ”

මගෙ හිත හොඳටම දන්නවා නෙත්මි ගැන බලාපොරොත්තු තියාගන්න එක තේරුමක් නැති වැඩක් කියල. ඒ වුනාට ඉබාගාතේ දුවන මගෙ හිත හොයන්නෙ එයාව විතරයි නම්? ස්ටේෂන් එකෙන් එළියට ආවට ගෙදර යන්න හිතුනෙත් නෑ. කෝච්චියෙ ආපු හැමෝම වගේ ගිගින් බස් ස්ටෑන්ඩ් එකත් පාලුවට ගිහිල්ලා. එහෙ මෙහෙ රස්තියාදු ඟහ හිටියා පැයක් විතර. ගෙදර යනකොට හතරහ මාර පහුවෙලා. පොත් ටික පැත්තකින් තියල ඇඳේ ඇලවුනා. ඒ වුනාට මගෙ හිතට නිවන්ක නෑ. ඔව් ඒක නං ඇත්තමයි.

හැඳින්වීම
“වෙලාව හතර පහුවෙලා. ස්ටේෂන් එක ඉස්සරහරට වෙලා ඉන්නව මිසක් ගෙදර යන්න හිතෙන්නෙත් නෑ. මොකද්දො පාලුවක් හිතට දැනෙමින් තිබුනා. ඉස්කෝලෙ  වැඩ ගොඩ ගැහිල තිබුනත් කරන්න හිතෙන්නෙත් නෑ. අරමුණක් නැතිව ජීවිතේ ඔහේ පාවෙමින් තියෙනව කියල දැනෙන්න ගන්න කොට අසරණ කමක් හිතට දැනෙනව.”

මෙහෙම කියන්නෙ පාසල් යන වයසෙ තරුණයෙක්. හැමෝම දන්නෙ කසුන් කියල. ඉතින් කසුන් ගෙ ජීවිත කතාව කියවන්න ඔබත් සූදානම්ද?