තුන්වන දිග හැරුම

ජීවිතේ ගෙවිල යන්නෙ මහ එපාම කරපු  විදිහට. හැම තැනම මොකක් හරි අවුලක් තියෙනව. විභාගෙ,  සාහිත්‍ය සංගම් , ප්‍රැක්ටිස් මතක් වෙනකොට ඔලුව රිදෙනව වගේ. ඒ හැම එකටම වඩා හිතට වදදෙන ප්‍රශ්නෙ නෙත්මි.හැම වෙලාවෙම හදාගන්න හදන හිත රිදෙන්නෙ නෙත්මි නිසා. මුලින්ම එයා දැකපු දවස හැමදාටම වගේ මතක් වෙනව. මමයි , රංගයයි මුලින්ම හැරිල බැලුව කවුද  කියල.

එවෙලෙ තමයි රංගය කිව්වෙ
“මාර කෑල්ලක්නෙ බං, බැහැල බලමුද?”
මාත් එවෙලෙ මුකුත් කිව්වෙ නැති වුනාට එක පාරට නිකං ඇඟ දිගේ විදුලියක් ගියා වගේ තේරුනා.
“කෝකටත් පස්සෙන් ගිහින් බලමු බං” මටත් කියවුනා.
“ඕකට නං කොල්ලෙක් ඇති බං. නැත්තං අඩුමගානෙ බහිනව ඇති තව එවුන්. කෑමක් සෙට් වෙයි වගේ” රංගයගෙ ගට බිංදුවටම බැහල වගේ එතකොට.
“පිස්සුද බං. ඕක දාගන්න පුලුවන් නං ගුටි නෙවෙයි ඕන එකක් කමු බං. අනික මං තනියෙන් නෙවෙයිනෙ ගුටි කන්නෙ. උඹත් ඉන්නවනෙ” මම ඉතින් කිව්වෙ රංගය දුකට සැපට ඉන්න එකා නිසා.

එදා ඉතින් නෙත්මි දිහා බලාගෙන හිටපු එක විතරයි කලේ. යන්තම් කට්ට් කාලා නෙත්මි ගැන විස්තර හොයා ගන්නකම් ඒ දවස්වල  ඉවසිල්ලක් නැතුව හිටියෙ. විස්තර හොයාගන්න විදිහක් දහ අතේ කල්පනා කරන කොට තමයි නදීෂාව දැක්කෙ.

“මචං අර කෑල්ල මං අඳුරනව”
සමීරය අපිට නදීෂාව ගැන කිව්වෙ අපි නෙත්මි ගැන හොයාගන්න ෆුල් ගේමක් දෙනකොට. නදීෂා ගියෙ නෙත්මි එක්කයි තව යාලුවො ටික දෙනෙකුයි එක්ක. යන්තම් ඉතින් නදීෂාට පින් සිද්ධ වෙන්න නෙත්මි ගෙ විස්තර හොයා ගන්න පුලුවන් වුනා.

මුල දවස්වල නදීෂ අපිට වැඩිය විස්තර කිව්වෙත් නෑ නෙත්මි ගැන. නෙත්මි ව දැකල පිස්සු හැදිල හිටියට එයාගෙ නම දැනගන්න  පුලුවන් වුනෙත් සතියක් විතර ගියාට පස්සෙ. ඒකත් නදීෂට බැගෑපත් වෙලා. සමීරය අඳුරන නිසා තමයි නදීෂා ටිකක් හරි විස්තර කියන්න කැමති වුනෙ. නම දැනගෙන හිටිය නැති වුනත් දැකපු මුල්ම දවසෙ ඉඳල නෙත්මි මගෙ හිතේ සක්මන් කරන්න ගත්තෙ මටත් නොදැනිම වගේ.

ඉස්කෝලෙ වැඩක් කරන්න, කන්න , නිදාගන්න , සෙල්ලම් කරන්න යන හැම වෙලාවෙම නෙත්මි ගැන හිතෙන්න ගන්න කොට ආදරය කියන්නෙ මේකද කියල මට හිතෙන්න පටන් ගත්තා. ඒ දවස් වල රංගය එක්ක කියවන්නෙම නෙත්මි ගැන විතරයි.

“අපිත් බඩු බැහල තියෙනව, ඕක මාර කෑල්ලක්ද බං” රංගය මාව නෝන්ඩි කරනව.
“බල බල ඉඳල හරි යන්නෙ නෑ , අපි දවසක් ඕක එක්ක කතා කරමු” රංගය එහෙම කියන කොට හිතේ තිබ්බ ගට බිංදුවටම බැහල ගියා.

අන්තිමේදි මොකක් හරි කරමු කියල තමයි දවසක් හවස නෙත්මි යන පෙට්ටියට නැගල ළඟට ගියෙ. ගිය දවසෙ නෙත්මි දිහා බලාගෙන හිටියා එයාට නොතේරෙන්න වගේ. හැබැයි එයා එක්ක වචනයක් වත් කතා කලේ නම් නෑ . නදීෂා ත් එක්ක කතා කර ආවා මමයි රංගයි. හැමදාම හවස නෙත්මියි එදාගෙයි යාලුවො ටිකයි එක්ක කෝච්චියෙ ගියාට දවස් දෙක තුනක් යන කොට තමයි කෙලින්ම නෙත්මි ගෙ මූණ දිහා බලන්න තරම් හිතට හයිය ආවෙ.

නදීෂා අපිට බණිනව ඒ දවස්වල.
“ඔයාල දෙන්න ඇවිත් මාත් එක්ක කතා කර කර ඉන්නව මිසක් නෙත්මි එක්ක වචනයක් කතා කරන්න ට්‍රයි කරන්නෙ නෑ නෙ. අපේ සෙට් එකේ කෙල්ලෙක් අහුවා  ඔයාලා එන්නෙ මං ගැන හිතේ තියාගෙනද කියල” නදීෂා එහෙම කිව්වම තමයි තේරුනෙ කල් අරින්න අරින්න වැඩේ හරියන්නෙ නෑ කියන එක.

“ඒකනෙ හරක් පැටියො මං කියන්නෙ ඒකිට වචන දෙක තුනක් දාපන් කියල.” රංගයත් එවෙලෙ මට කිව්වා.

“ඔයා එතෙන්ට ඇවිත් ඇඹරෙන්නෙ හරියට ඔයා කෙල්ල වගේනෙ කසුන්. ඔහොම නං බෑ හලෝ කෙල්ලො එක්ක යාලු වෙන්න”
නදීෂා එහෙම කිව්වම මට පොළොව පලාගෙන යන්න හිතුන.

“ඇද්ද උඹ කෙල්ලෙක් ගෙන්ම අහගත්තා. අහල දාපං බං ඕක කල් යවන්නෙ නැතුව” එදා රංගය අපි ඉස්කෝලෙට යන ගමන් කිව්වා.
………………………….

“අයිය පාඩම් කරනවද නිදිද? “
නංගි එහෙම අහනකොට මාව එකපාරටම උඩ ගිහින් ආයෙ මේ ලෝකෙට ආවා. නංගි මගෙ ළඟට ඇවිත්. සෙනසුරාදා දවසක් වුනාට අම්මා වැඩට ගිහිල්ලා.

“නෑ නිකං කම්මැලියි” මං නංගිට කිව්වා.
“අනේ මන්දා අයියා දැන් මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ” නංගි එකපාරට කිව්වම මට කියාගන්න දෙයක් නැති වුනා.

“තේ එකක් හදාගෙන එනවකො , මං ඉන්නෙ මොන ලෝකෙද කියල හොයන්න වෙලාව නාස්ති නොකර” මං කිව්වෙ කතාව මග අරවන්න බලාගෙන.

“අනේ මන්දා මොනව වෙලාද කියල, තේ එක්ක වත් හදාගන්නව හලෝ තනියම” නංගි එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා.
“අපි මොකටද හලෝ තේ හදන්නෙ , තමුසෙ ඉන්න කොට” මාත් නංගිට උත්තර දුන්නා.

“අපොයි, අපි ඉන්න කං හොඳයි. බැන්ද දවසක තමුසෙ කෙල්ල ගෙන් බැණුම් අහන කොට මරුවට තියෙයි තේ එකක් වත් හදා ගන්න බැහැ කියල.” නංගි කොච්චර රණ්ඩුවට ආවත් කියන දේවල් වල ඇත්තකුත් තියෙනව.

“”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”"”".

Published in:  on February 21, 2008 at 2:49 am Leave a Comment

The URI to TrackBack this entry is: http://adharaya.wordpress.com/2008/02/21/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%b1-%e0%b6%af%e0%b7%92%e0%b6%9c-%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%94%e0%b6%b8/trackback/

RSS feed for comments on this post.

Leave a Comment